“රනිල්, අනුර අයියා මලෝ ජෝඩුවක්, එයාලාට රටේ ප්‍රශ්ණ විසදන්න බෑ”

රට පරදවන රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවර පැවැති සමගි ජන සන්ධානයේ 41 වැනි ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමා පැරදවීම රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායකගේ අරමුණ බවය.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි මනාප බෙදාගෙන ඇති බවත් එම නිසා දෙවැනි මනාප අවශ්‍ය නොවන බවත් පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් මේ රටේ ජනතාව මේ දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නැති බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් ඔහුට පාස්පෝට් හෝ වීසා දෙන්න බැරි වී ඇති බවත් මේ අයට රටේ ප්‍රශ්න විසදන්න බැරි බවත් පාස්පෝට් හා වීසා පෝලිම බවත් ඒකාබද්ධ ඇගලුම් සංගමය කියන ආකාරයට ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට අප රටට ඒමට වීසා දෙන්න බැරි වී ඇති බවත් මෙය අප රටට බලපාන බවත් සංචාරක ක්ෂේත්‍රය පවා මේ නිසා කඩා වැටෙමින් යන බව ඔහු පවසා සිටියා.

අනුර එක්ක හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ අය රටේ වගකීම බාර ගත්තොත් ඇපත් නැති බවත් රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

රජය හිතාමතා වීසා හා පාස්පෝට් පෝලිමක් සැදු බවත් මේවා වුනේ දුෂිත ගනුුදෙනු නිසා බවත් හොර ගනුදෙනු නිසා බැවින් සමගි ජන බලවේග රජයක් තුළ මේ වීසා හා පාස්පෝට් පෝලිමට තුඩුදුන් හොරකම් ටික ජනතාවට හෙළිදරව් කර වැරදි කළ අය නීතිය හමුවට ගෙන එන බව ඔහු අනාවරණ කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *