“රනිල් ගෑස් නිධියක අයිතිකාරයෙක් ද?”

එදා රාජපක්ෂවගේ මේ පාර රනිල් නැති වුනොත් ගෑස් නැති වෙනවා කියන්නේ එයා ගෑස් නිධියක අයිතිකාරයෙක් දැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර සිටියා.

ඔහු මේ බව පැවසුවේ මීරිගම ඊයේ (14) පැවැති ජන රැළියක් අමතමින්.

රනිල් නැති වුනොත් රටේ තෙල් නැතිවෙන්න රනිල් අරාබියේ සුල්තාන්දැයි එහිදී ඔහු ප්‍රශ්ණ කර සිටියා.

රනිල් කියනවා එයා හිටියේ නැතිනම් ඩොලර් එක රුපියල් 400 දක්වා ඉහළ යන බව පවසන්නේ රනිල් ඩොලර් එක උඩ වාඩී වී සිටිනවා දැයි අනුර කුමාර දිසානායක මෙහිදී අසා සිටියා.

රනිල් සිතා සිටින්නේ එයා වාඩි වෙලා ඉන්නකොට ඩොලර් එක තියෙන්නත් රනිල් පුටුවෙන් නැගිටිනකොට ඩොලර් එක උඩයන්න ඒක බැලුමක් දැයි ඔහු කියා සිටියා.

එයාලා තමයි තෙල්, ගෑස් නැතිවෙන්න ආර්ථිකය හැදුවේ බවත් 2015 සිට 2019 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ඩොලර් බිලියන දොලහමාරක් ගත්තා බව අනුර කුමාර දිසානායක කියා සිටියා.

එමෙන්ම 2022 වසරේ ගෙවන්නේ නෑ කියලා තීරණය කරන්නෙත් රනිල් වික්‍රමසිංහ ගත් ණය බව අනුර කුමාර දිසානායක මෙහිදී අනාවරණ කර සිටියා.

ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න හේතුවේ ප්‍රමුඛයා රනිල් වික්‍රමසිංහ බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *