රනිල් ඡන්දෙට බයත් නෑ ..

ජනපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයටවත්, රට කරන්නත් බයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (18) එක්සත් ජාතික පක්ෂයේ තරුණ කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින්.

මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් මෙසේ අදහස් පල කරයි “ ඊළඟට තිබෙන බරපතලම ප්‍රශ්නය තමයි මැතිවරණය පවත්වනවාද කියලා හැමෝම ප්‍රශ්න කරන්න අරගෙන තිබෙනවා. ඒ නිසාම තමයි අපි පක්ෂයක් විදියට ඊයේ මැතිවරණ කොමිසමට ගිහිල්ලා මැතිවරණය හැකි ඉක්මනින් ඉතා සාධාරණව පවත්වන්න කියලා ඉල්ලීමක් කලේ. ඒවගේම අපි මැතිවරණයට බයක් නැහැ ජයග්‍රහණය කළ හැකි අවශ්‍ය තැනදී පැනලා නොගිය අභියෝග බාරගත්ත එකම නායකයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. මේ රටේ වාර්තාගත ඡන්ද ලක්ෂ හැට නමයට එහා ගිය ඡන්ද ප්‍රමාණයක් අරගෙන මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ පත්වෙනවා. අපි මැතිවරණ කොමිසමට ගිහිල්ලා ඉල්ලුවේ ලැබෙන පළමු අවස්ථාවේදීව මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙසයි. ඒ වගේම අපි ඉල්ලා සිටියේ ඉතාම සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වන ලෙසයි. මේ මැතිවරණයේ පුංචි වැරැද්දක්වත් වෙන්න ඉඩ දෙන්න බැහැ. මොකද රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරාට පස්සේ අරක නිසා දිනුව,මේක නිසා දිනුවයි කියලා ඔහුට ඇඟිල්ල දික් කරන්න ඉඩ තියෙනවා. රට තුළ දැන් එය විලාසිතාවක් බවට පත්කරල මැතිවරණය තියෙනවාද කියලා අහන තැනට මිනිස්සුන්ව පත් කරලා තිබෙනවා. මැතිවරණයට මුදල් වෙන්වෙලා තිබෙනවා. නිසා ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරද්දි කාලය පිළිබඳ යම් වැරැද්දක් සිද්ධ වෙලා තිබෙනවා එය කැබිනට් මණ්ඩලයට යොමු කරලා නිවැරදි කරලා පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාම ඒ පස් අවුරුද්දක් කියලා කියලා තියෙනවා. තුනෙන් දෙකෙන් ම සම්මත කරගෙන අවශ්‍ය පරිදි කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිවරණයට බයක් නැහැ. රට කරන්න බයක් නැහැ කියන එක හැමෝම දැනගත යුතු වෙනවා යැයි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *