”රනිල් පොස්ටර් ගැහුවේ VFS සල්ලීවලින්ද? මන්ත්‍රී නලින් ප්‍රශ්ණ කරයි ”

ස්වාධීන ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණය ප්‍රචාරණ කටයුතු සඳහා විශාල මුදලක් වියදම් කරමින් සිටින අතර එම මෙම මුදල් වී.එෆ්.එස් ගනුදෙනුවේ අත්තිකාරම් මුදල් ද කියන සැකය සමගි ජනබලවේගයට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (03) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර “වී.එෆ්.එස් ගනුදෙනුවේ පාඩුව කෝටි 4000 කට ආසන්නයි. මහබැංකු මංකොල්ලය වගේ 36 ගුණයක් විශාල පාඩුවක් මෙම ගිවිසුම හරහා සිදුවෙලා තිබෙනවා. බැදුම්කර කල්ලිය මෙම ගනුදෙනුව සිදුකරන්න රාජපක්ෂ හොර කල්ලියට සහ කැබිනට් මණ්ඩලයේ සිටින ජනාධිපතිගේ ගෝලයන්ට අවස්ථාව ලබාදීලා තිබෙනවා. ඒ වගේම ස්වාධීන ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණය ප්‍රචාරණ කටයුතු සඳහා විශාල මුදලක් මේ මොහොතේ වියදම් කරමින් සිටිනවා. මෙම මුදල් වී.එෆ්.එස් ගනුදෙනුවේ අත්තිකාරම් මුදල් ද කියන සැකය සමගි ජනබලවේගයට තිබෙනවා. වී එෆ් එස් ගනුදෙනුව නීතිවිරෝධී ගනුදෙනුවක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔප්පු කරන්න සමගි ජනබලවේගයට හැකියාව ලැබුණා. ඒ නිසා නිවැරදි තැනක සිටින නිවැරදි තින්දු ගන්න එකම කණ්ඩායම සමගි ජනබලවේගය පමණයි. ඩීල් නැති නිවැරදි කණ්ඩායමකට බලය ලබාදුන්නොත් පමණයි රට ඉදිරියට ගෙනි යන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග්‍රහනය කරලා රටේ වංචාට දුෂණයට හොරකමට සම්බන්ධ සියලුම දෙනාට දඩුවම් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කරන බව සමීක්ෂණ වලින් වාර්තා වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදනවා සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න. කෙසේ නමුත් දිනන සජිත් එක්ක එකතුවෙන්න කියලා රටේ ජනතාවට ආරාධනා කරනවා.ජනාධිපතිවරයා රට පුරා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරගෙන යනවා. ජනාධිපතිවරයා හිතන්නේ පෝස්ටරයක් කියන්නේ ඡන්දයක් කියලා. නමුත් පොස්ටරයක් කියන්නේ ඡන්දයක් නෙවෙයි. ආණ්ඩුවට ඕනෑතරම් පෝස්ටර් ගහන්න ශක්තිය තිබෙනවා. නමුත් පොස්ටර් වලින් ඡන්දයක් දිනන්න බෑ. රටේ ජනතාවගේ හදවතේ සජිත් ප්‍රේමදාසගේ පොස්ටරය ඇලවිලා අවසන්” යැයි මන්ත්‍රී නලින් බණ්ඩාර වැඩිදුරටත්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *