රනිල් – බැසිල් තෙවැනි වරටත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තුන්වන වටයේ සාකච්ඡාවද ඊයේ (04) රාත්‍රියේදී පැවත්වුණා.

ඒ, ජනාධිපතිවරයාගේ නිල නිවසේදී වන අතර, එහිදී සකාච්ඡා වූ කරුණු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණ සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවති අතර එහිදී පළමුව මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණා.

නමුත් එම සාකච්ඡා අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

මේ අතර ජාතික ජන බලවේගෙයේ යාපනය දිස්ත්‍රික් බැංකු සහ මුල්‍ය සංසදයේ සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *