“රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නෑ”

තුණ්ඩු කෑල්ලෙන් භීෂණය වපුරණ යුගයකට අනුර කුමාර රට ගෙනියන්න උත්සාහ කරන බවත් රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) හබරාදුව පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 51 රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වය හා මිලේච්ඡත්වය නිසා බවය.

ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව බහුජන සංවිධායකින් රැස්විමක් පවත්වන විට මැදට පැන ගුටිබැට දී ඇත්තේ ජවිපෙ බවත් කතිරය වෙනුවට උණ්ඩය බෝම්බය බයිනේත්තුව භාවිත කර ප්‍රචණ්ඩත්වය උපයෝගී කර ගෙන භීෂණය වපුරා තුණ්ඩු කෑල්ලෙන් භීෂණය වපුරණ යුගයකට අනුර කුමාර රට ගෙනියන්න උත්සාහ කරන බවත් රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නැති බව ඔහු කියා සිටියා.

දේශපාලන පොර පිටියේ වත්මන් ජනාධිපතිවරයා සිටින බව විපක්ෂනායකවරයා කියා සිටියා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ඉන්නේ රට දිනවන්න නොව අනුර කුමාර දිසානායකට ජැක් ගහන්න බව ඔහු අවධාරණය කර සිටියා.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද රනිල්ගේ උත්සාහය වුනේ තමා පරාජය කිරීම බවත් මෙවරත් ඔහු එය කරන බවත් රනිල් සහ අනුර කියන්නේ පාර්ශ්ව දෙකක් නොව එක දේශපාලන කල්ලියක් බවත් මේ කල්ලියට අවශ්‍ය රට ගොඩගැනීම නොව ලක්ෂ 220 ජනතාව මත බර පැටවීම බවත් විපක්ෂනායකවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *