රනිල් සහ අනුර කුමාර රහසේ ගිවිසුම් සකසන බව මිනුවන්ගොඩ ජන රැළියේදී සජිත් කියයි

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය දරාගත නොහැකිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක රහසේ ගිවිසුම් සකසමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මිනුවන්ගොඩ නගරයේදී පැවැත්වුණා.

ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් රැළියට එක්වුණා.

එමෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රිඩක තිළිණ තුෂාර මිරැන්ඩෝ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් රැළියට එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *