රසයාගාර උපකරන මිලදි ගැනිමේදි සැලකිමත් විය් යුතු කරුණු

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිනී ආචාර්ය හරිනි අමරසුරිය වෙත රසායනාගාර සේවා සඳහා උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු සදහන් කරමින් වාර්තාවක් යොමු කරයි .

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කලේ රසායනාගාර සේවා සඳහා වියදම් අඩු කිරීම සහ ලබාදෙන මුදල් ඉතාම කාර්යක්ෂමව යෙදවීම සඳහා මෙම කරුණු සලකා ලෙසයි.

අදාළ කරුණු පහත දැක්වේ .

  1. උපරිම මිල සහ බ්‍රෑන්ඩඩ් උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදී ගැනීමේ අවභාවිතාව
    රසායනාගාර සේවා සඳහා මිල අධික හයිකෝස්ට් උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදී ගැනීම නිසි නැත. ගුණාත්මකභාවය නොඅඩුව පවත්වා ගනිමින් සාමාන්‍ය මිලට උපකරණ ලබාගත හැකියි.
  2. 2011 රසායනාගාර ප්‍රතිපත්තියට අනුකූල ක්‍රමවේද
    2011 දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද රසායනාගාර ප්‍රතිපත්තියේ අනුගමනය නොකිරීම නිසා ඉතා ප්‍රමාණවත් මුදල් නාස්ති වේ.
  3. අමතර උපකරණ මිලදී ගැනීම තහනම් කිරීම
    නව උපකරණ මිලදී ගැනීම පවතින උපකරණ උපරිම ප්‍රයෝජනයට නොගැනීම අනිසි යැයි නියෝග කළාහ.
  4. විශ්වාසනීය පාර්ශවයන් පත්කිරීමේ අවශ්‍යතාව
    අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයා වශයෙන් අත්‍යවශ්‍ය වෘත්තියඥයකු පත්කිරීමට නියෝග ඇතත්, බොහෝ රෝහල්වල එය නොකෙරෙනුයේ ආන්දෝලනාත්මක ය.
  5. ජාතික රසායනාගාර උපකරණ දත්ත ගබඩාවක් තැනීම
    රටේ පවතින රසායනාගාර උපකරණ සම්බන්ධීකරණය සඳහා ජාතික මට්ටමේ දත්ත ගබඩාවක් අවශ්‍ය ය.
  6. පරීක්ෂණයක් සඳහා වැය වන මුදල් නිවැරදිව ගණනය කිරීම
    මූලික වශයෙන් පරීක්ෂණයක් සඳහා වැය වන මුදල නිවැරදිව ගණනය නොකිරීම නිසා, ප්‍රතිඵල අපේක්ෂිත ලෙස ලබාගත නොහැකි වේ.

මෙම කරුණු පිළිබඳ කඩිනමින් කටයුතු කිරීමෙන් රසායනාගාර සේවා වියදම් බහුලව අඩු කළ හැකි බව වැඩිදුරටත් එම ලිපියේ  සඳහන් වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *