“රාජ්‍ය සේවකයින්ගේම අවම වැටුප රුපියල් 57,500 ක් කරනවා”

රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද අද (03) වව්නියාවේ පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සංයුක්ත දීමනා ලබාදීම වැටුප් ලබාදෙන දිනයේදීම ලබාදීමට කටයුතු කරන බවත් සමස්ත රාජ්‍යසේවයේ තිබෙන ගැටලු වලට අපි විසදුම් ලබාදෙන්න කටයුතු කරන බවය.

වර්තමාන රජය වර්තමාන ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්න කටයුතු කරන්න උත්සහ දැරු යුගයක , සමස්ත රාජ්‍ය සේවය අඩු කරන්න කටයුතු කළ යුගයක, වැටුප් වැඩි කරන බවට බොරු ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවක සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් ඔබගේ වැටුප් සියයට 24 කින් වැඩි කරන්න කටයුතු කරන ඔහු කියා සිටියා.

වියදම් දිමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන්න කටයුතු කරන කරන අතර සෑම රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව ඔහු අනාවරණ කර සිටියා.

එමෙන්ම සංයුක්ත දීමනා ලබාදීම වැටුප් ලබාදෙන දිනයේදීම ලබාදෙන්න කටයුතු කරනවා. සමස්ත රාජ්‍යසේවයේ තිබෙන ගැටලුවලට විසදුම් ලබාදෙන්න කටයුතු කරන බව විපක්ෂනායකවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *