රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ ප්‍රධාන නාවික කඳවුරක් අසළ අද (18) අලුයම රික්ටර් පරිමාණයේ 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

මෙම කම්පනයෙන් හානියක් හෝ තුවාල පිළිබඳ කිසිදු වාර්තාවක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

භූමිකම්පාව නිසා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එය පසුව ඉවත් කර තිබෙනවා.

භූමිකම්පාව පෘෂ්ඨයෙන් සැතපුම් 18 ක් (කිලෝමීටර් 29 ක්) පහළින් සිදුවී ඇති අතර එහි අපිකේන්ද්‍රය Petropavlovsk-Kamchatsky සිට නැගෙනහිරින් සැතපුම් 63 ක් (කිලෝමීටර් 102 ක්) පමණ වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

Petropavlovsk-Kamchatsky යනු 181,000 කට වැඩි පිරිසක් සිටින වරාය නගරයක්.

එක්සත් ජනපද ජාතික කාලගුණ සේවයේ Honolulu හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් අනතුරු ඇඟවූයේ භූමිකම්පා කේන්ද්‍රයේ සිට සැතපුම් 300 (කිලෝමීටර් 480) තුළ වෙරළ තීරයට අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවයි,

නමුත් පසුව තර්ජනය අවසන් වූ බව නිවේදනය කළා.

එම මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පා සිදුවූ ස්ථානය ආසන්නයේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල පැය කිහිපයක් සඳහා මුහුදු මට්ටමේ සුළු උච්චාවචනයන් ඇතිවිය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *