පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි නිලධාරීන් විසින් කොළඹ 15, ශ්‍රීඥණානන්ද මාවත, ගබඩා පරිශ්‍රයකදී වැටලීමක් සිදුකරනු ලැබීය.

භාණ්ඩ සැපයුම්කරුවකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා භාණ්ඩ වල කිසිදු තොරතුරක් සඳහන් කිරීමකින් තොරව, ඇසුරුම් කළ කහ කිලෝ ග්‍රෑම් 765ක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී ඊයේ (27) දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි නිලධාරීන් විසින් කොළඹ 15, ශ්‍රීඥණානන්ද මාවත, ගබඩා පරිශ්‍රයකදී වැටලීමක් සිදුකරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සඳහා විකුණුම්කරු විසින් නිකුත් කළ කුවිතාන්සියක් සන්තකයෙහි තබාගත ගැනීම අනිවාර්්‍ය වේ.

බාහිර පුද්ගලයෙකුගෙන් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති මෙම කහ තොගය ආනයනය කිරීම හෝ මිලදී ගැනීම පිළිබඳව කිසිදු තොරතුරක් අදාළ ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.

ඇසුරුම් 21ක බහාලු එහි වෙළෙඳපල වටිනාකම රුපියල් මිලියන හතරකට අධික බව පැවසේ.

එමෙන්ම ඇසුරුම් කරන ලද භාණ්ඩවල ඊට අදාල තොරතුරු සටහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි‍ය නියෝග නිකුත් කර තිබියදී ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම කහ තොගයෙහි එවැනි කිසිදු තොරතුරක් නොමැති අතර අදාළ කහ තොගය සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු පැවරීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *