රියැදුරුට ඇති වූ හෘද­යා­බා­ධ­යක් නිසා මාරක අනතුරක්

වෑන් රථ­යක රියැ­දු­රුට ඇති වූ හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

කොට්ටාව, මත්තේ­ගොඩ මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ වෑන් රථ­යක රියැ­දු­රුවරයෙකුටයි මෙසේ හෘද­යා­බා­ධ­ය ඇතිව තිබෙන්නේ.

මෙම රියැදුරු පැදවූ වෑන් රථය ප්‍රාඩ්‍රෝ ජීප් රථ­යක, වෑන් රථ­යක හා ලොරි රථ­යක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් හෘදයාබාධය සෑදුණු වෑන් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත් වූ බවයි පිලියන්දල පොලිසිය පවසන්නේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ පන්නි­පි­ටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66ක ව්‍යාපා­රි­ක­යෙක්.

ඔහු ව්‍යාපා­රි­කයා දෛනික සේවා කට­යුතු නිමවා කොට්ටාව, මත්තේ­ගොඩ මාර්ගය ඔස්සේ මත්තේ­ගොඩ දෙසට යමින් සිටි­යදී පින්හේන හන්දිය ආස­න්න­යේදී මෙම අන­තුර සිදුව තිබෙනවා.

එම අනතුරින් අනෙක් වාහන පැදවූ රියැදුරන් තිදෙනාට කිසිදු හානියක් සිදු නොවූ බවත් වාහනවලට බරපතල හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *