රිය අනතුරුවලින් තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (27) එම අනතුරු සිදුව ඇති බවය.

පිටකොටුව, ඕල්කට් මාවත දෙවන හරස් වීදිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක්, පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

අනතුරට අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර දොම්පේ, පුටුපාගල – වානලුවාව මාර්ගයේ උක්කොටුන ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියක් මෝටර් රථයක ගැටී පැදිකරු මාර්ගයේ ඇද වැටී ඇති අතර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ඔහුව ගැටී එම අනතුර සිදුව තිබේ.

මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *