රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යවන්න ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනකු ප්‍රවර්ධනයට යොදාගෙන

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමේ ඔහුන්ගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙකු CID අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවසේදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *