රුසියාවේ පාලමක් යුක්රේනය වනසයි

යුක්රේන හමුදා විසින් රුසියාවට අයත් ප්‍රධාන පාලමක් විනාශ කර තිබෙනවා.

ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය සැපයීම් සඳහා භාවිතා කරන බව සඳහන්.

යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රහාරවල ඉතාමත් ප්‍රගතියක් ලබා අතර, රුසියානු භූමියේ කිලෝමීටර තුනක් දක්වා දුරක් ඉදිරියට ගොස් ඇති බවටයි.

යුක්රේනය සිදුකරමින් පවතින සාර්ථක මෙහෙයුම් හමුවේ 120,000කට වැඩි රුසියානුවන් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *