නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් එවක සිටි කැබිනට් මණ්ඩලයේන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස පසුගියදා අධිකරණය දැනුම් දුන් අතර ඒ අනුව අද පෙරවරුවේ රොෂාන් රණසිංහ ප්‍රසන්න රණතුංග රමේස් පතිරණ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියා
අද දිනයේදී හිටපු අමාත්‍ය හරියෙන් පෙනාන්දු මහතාටද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණද ඔහු පැමිණියේ නැත
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරීන් ප්‍රනාන්දු මහතා හෙට දිනයේ පැමිණෙන බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටව ගියා
මෙහිදී හිටපු අමාත්‍යවරුන් තිදෙනා මාධ්‍යයට අදහස් දැක්වූවා
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ
අපිට අද එන්න කියලා තිබුනා අපි ආවා අපි අවශ්‍ය තොරතුරු දුන්නා
සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් නෙවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා දූෂණ ගොඩක් තියෙනවා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා
දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නේ ඒ වුණත් පරණ අය තවම ඉන්න්වා
ක්‍රීඩා අමාත්‍යවරයාට මම දෙන්නන් දූෂිතයන්ගේ පයිල් මං ළඟ තියෙනවා
අවශ්‍ය ඕන තොරතුර තුරක් දෙන්න මම ලෑස්තියි