රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි?

නායකත්වයේ පවතින අර්බුද හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිළිබඳව මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු නායක රෝහිත් ශර්මා මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායමේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයට පත්ව සිටින බවයි.

මේ අතර මෙවර තරගාවලියෙන් අනතුරුව රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අත්හැර යාමට සූදානම්ව සිටින බවටද තොරතුරු වාර්තා වෙනවා.

2024 IPL තරඟාවලියේදී Hardik Pandya, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නායකත්වය දෙන ආකාරය පිළිබඳව IPL ශූරතා 5ක් දිනා දුන් Rohit Sharma කලකිරීමට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් 2025 ඉන්දීය ප්‍රිමිය ලීගයේදී රෝහිත් විවෘත වෙන්දේසියට ඉදිරිපත්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *