ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි

මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

ජාතික පාරිසරික පනත යටතේ තහනම් මෙම ආහාර දවටන කිලෝ 5377 ප්‍රමානය කොළඹ,කැස්බෑව,ගම්පහ,කඩුවෙල, කුරුණෑගල ප්‍රදේශ වලදි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂක අංශ වල සහාය ලබා ගනිමින් අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගත් ආහාර දවටන තොගයෙ දල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව වැටලීමට එක්වු නිළධාරීන් පවසති.

අදාල ආහාර දවටන සදහා වැටලිම් කල අදාල කලාප අයත් අධිකරණ සිමා වල නඩු 12 ක් පැවරීම සිදුකර එම අධිකරණ තින්දු මත මෙසේ පුත්තලම සිමේන්ති සමාගම් භුමියට රැගෙන ඒමෙන් පසු කපා කුඩා කැබලි කර ඉන්පසු අධි දහන උදුනේ දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *