ලැප්ටොප් පරිගණකයක් පුපුරා යාමෙන් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නිවසක් තුළ ලැප්ටොප් පරිගණකයක් පුපුරා යාමෙන් සිසුන් දෙදෙනෙක් මිය ගිය පුවතක් පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 06ක් වන ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරෙන් අවුරුදු 03ත් 09ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් තුවාල ලැබූ ඇති බවයි.

ලැප්ටොප් බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති දෝෂ සහිත බැටරි අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්විය හැකි අතර එම අවස්ථාවලදී ඒවා පුපුරා යාහැකි බවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පිරිස් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *