ලිට්‍රෝ ගෑස් මිල පහතට

ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 3790ක් වශයෙන්.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522ක් වශයෙන් නම් කොට තිබෙනවා.

තවද කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 712ක් දක්වා පහත දමා ඇති අතර එය රුපියල් 28කින් අඩු කර ඇති බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *