ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක්

2023 වසරේ මැද භාගයේදී ආරම්භ කළ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව මහ බැංකුව පවසනවා.

උද්ධමනය සියයට 5 ක ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යෑම මෙහි අරමුණ බවයි මෙම මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළි දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ.

මෙම වසරේ මුල් භාගයේ සිදුවූ තාවකාලික ඉහළ යෑමෙන් අනතුරුව බලශක්ති මිල ගණන් අඩුවීම, ආහාර උද්ධමනය, මන්දගාමී වීම සහ ඉල්ලුම් අංශයේ පසුබෑම හේතුවෙන් මතුපිට උද්ධමනය සැළකිය ලෙස අඩුවී තිබුණා.

මේ වනවිට නිත්‍ය තැන්පතු පහසුකම සියයට 8.25 ක් වන අතර, නිත්‍ය ණය පහසුකම සියයට 9.25 ක මට්ටමේ පවතිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *