ලෝක කුසලානයට එක්ව සිටින ඇෆ්ගන් සංචිතයේ වෙනසක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිථාන සංචිතයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ, අනුව දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් වෙනුවට ආරම්භක පිතිකරුවෙක් වන හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්ථාන සංචිතයට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මුජීබ් උර් රහ්මාන්ට IPL 2024 තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වූ ඇඟිල්ලේ ආබාධය නැවත ඇතිවීමෙන් පසු ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ද ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුවයි හස්රතුල්ලා සසායි මෙලෙස ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇත්තේ.

මුජීබ්, උගන්ඩාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලානයේ ආරම්භක තරඟයට ක්‍රීඩා කළ අතර, එතැන් සිට ඇෆ්ගනිස්ථාන සහභාගී වූ අනෙකුත් තරග දෙකට ඔහු ක්‍රීඩා කළේ නැහැ.

ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්ථාන සංචිතයට එක්කර ගැනීමට ICC තාක්ෂණික කමිටුව සිකුරාදා සිනයේ අනුමැතිය ද ලබා දී තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය හැකියාව ලැබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *