වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු කඩ කලාට අපි නම් කියපු දේවල් නොකර ඉදලා නැහැ – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන් විසදුම් ලබා දෙන්න කැපවෙන බවත් වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු පොරොන්දු ඉටු කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුනම බදු බර, තෙල් මිල, විදුලි බිල වැඩි කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට වත්මන් ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී සුපිරි ධනපති පැළැන්තිය භාවිත කරන වාහනවල පමණක් තෙල් මිල.අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාවට කිසිදු වාසියක් නොමැති බවත් පොඩි මිනිසා වෙනුවෙන් පෙනි සිටිනවා කියන ජනාධිපතිවරයා අද ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ජනාධිපතිවරයා පවා කරන්නේ රැවටිල්ල බවත් කියු කිසි දෙයක් ඉටු නොකර ඇති බවත් imf එකත් සමග සාකච්ඡා කළත් ඒ සාකච්ඡා පවා අසාර්ථක බවත් ඔහු imf එකේ වහලකු වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටත් ජනතාවත් අමාරුවේ දමා ගෙදර ගිය නිසා රටටත් ජනතාවටත් වාසි දායක ගිවිසුමක් ගෙන එන්න නම් සමගි ජන බලවේගය බලයට ආ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 449

Leave A Reply

Your email address will not be published. Required fields are marked *