වනිදුට නැවතත් තරඟ තහනමක්

ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර එළබෙන සිකුරාදා (22දා) ආරම්භ වීමට නියමිත තරග 02කින් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වනිඳු හසරංගට අයි.සී.සී. විසින් තහනම් කර තිබෙනවා.

ඒ ඔහු බංග්ලාදේශයට පෙරේදා (18දා) පැවැති තෙවැනි එක්දින තරගයේදී විනිසුරු තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන්.

බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එහිදී ඔහු විනිසුරු ලබාදුන් තීරණය අප්‍රසාදයට ලක්කර ඔහුගේ තොප්පිය, විනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් විනිසුරුවරයා සමච්චලයට ලක් තිබෙනවා.

මෙය ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන ‘අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම’ කඩ කිරීමක් බව ICC පෙන්වා දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *