ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන අවියානා හෝටලය ලබන වසරේ මුල විවෘත කිරීමට සූදානමින් සිටිනවා.
ඒ සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක් ඊයේ කොළඹදී සිදු කෙරුණා.
වසරකට ඩොලර් මිලියන පන්සීයක් න ඒම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි
මහනුවර තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ අක්කර විසි හතක භූමි භාගයක රමණීය පරිසරයක මෙම හෝටල් සංකීර්ණය පිහිටුවා තිබෙනවා.
මේ ශ්‍රී ලංකාවේ පළවෙනි තරු හතේ හෝටලයයි
මේ පිළිබඳව අදහස් දැක්වූ අවියානා හෝටල් සමූහයේ සභාපති ප්‍රධාන විධායක ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහත් රුකුලක් වන බවයි.
දැනටමත් සංචාරක කර්මාන්තයෙන් දළ දේශීය ආදායමෙන් 5% ක් පමණයි ලැබෙන්නේ සමහර රටවල් අප තරම් පහසුකම් නැතත් මීට දෙතුන් ගුණයක් වැඩියෙන් ඔවුන්ගේ ආදායම ලබනවා
මේ නිසා ව තවත් මෙවැනි ව්‍යාපෘති ලංකාවේ ඇති කිරීමෙන් ධනවත් සංචාරකයන් ගෙන ඒමට රුකුලක් වන බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකාවේ වෘත්තීය වේදින් දෙසීයක් පමණ මේ සඳහා දායකත්වය ලබාදෙමින් සිටිනවා ්‍යාපෘතියේ සීයට හැත්තෑවක වැඩ දැන් නිමව තිබෙන්නේ
ලබන වසරේ මුල කාර්තුවේදී විවෘත කිරීමට හැකියාව ලැබෙනවා.