වසරේ ගතවූ කාලයට ඩෙංගු රෝගීන් 36,552ක්

රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක 5ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් මෙසේ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලයි මෙම කොට්ඨාස හඳුනාගෙන ඇත්තේ.

මේ හේතුවෙන් ලබන 02 වැනි දා සිට 04 වැනි දා තෙක් එම කොට්ඨාස තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වසරේ ගතවූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,552ක් මෙරටින් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 15,120ක් බවයි දැක්වෙන්නේ.

මේ අතර වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *