වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 26,294 ක්

ජනවාරි මාසයේ සිට මේ දක්වා වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26,294 ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 9,675 ක් බවයි.

මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *