ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලිසියෙන් විශේෂ පණිවුඩයක්

ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් සිදු කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංගම ඩිපෝ 9කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමණාකාරවර, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවට ලක්ව සිටින බවට, සදහන් කරමින් ව්‍යජ දුරකථන ඇමතුම් ලැබීමේ සිද්ධි පසුගිය දින කිහිපය තුළ පොලිසිවලට වාර්තා වී තිබුණා.

අදාළ දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සදහන් කර තිබුණේ, ආපදාවට ලක්වූ වාහන අලුත්වැඩියා කර ගැනීම සදහා රුපියල් 10,000ක් ජංගම දුරකතන හරහා එවන ලෙසයි.

එමෙන්ම ඊට දුරකථන අංකයක් ද ඇමතුම් ලබාදෙන පිරිස ලබා දී තිබුණා. මෙවැනි ඇමතුම් ලබා දෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් එවැනි දුරකතන ඇමතුමක් ලැබුණහොත් එම ආපදාවට ලක්වූ බවට සඳහන් පුද්ගලයින් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගෙන එහි සත්‍යභාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 452

Leave A Reply

Your email address will not be published. Required fields are marked *