වාහන ආනයනයේදී රී කන්ඩිෂන්වලට මුල් තැන දෙන්නැයි ඉල්ලීමක්

රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එසේම භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කළා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *