වාහන තුනක් ගැටී බදුල්ලේදී මාරක අනතුරක්

බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිඳට පිවිසෙන වංගු සහිත ප්‍රදේශයේදී අද (10) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

තිරිංග අක්‍රීය වූ යුධහමුදාව අයත් ප්‍රයිම් මුවර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා ත්‍රිරෝදරථයක ගැටීමත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථය ප්‍රයිම් මුවර් රථයට හා පසෙක ඇති ගල් බැම්මට හිර වී ඇති අතර එහිදී ත්‍රිරෝදරථ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *