වැලිපැන්නේදී ව්‍යාපාරික අඹු සැමි යුවලක් ඝාතනය කරයි

වැලිපැන්න – අලුත්ගම පාර ප්‍රදේශයේදී ව්‍යාපාරික අඹු සැමි යුවලක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, රෙදි පටියකින් මුහුණු ගැටගසා ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිද නිවස තුළදී ඝාතනය කර ඇති බවයි.

75 හැවිරිදි ව්‍යාපාරිකයා සහ 67 හැවිරිදි ඔහුගේ බිරිද මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඔවුන්ගේ සිරුරු නිවසේ තිබියදී සොයාගත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

මියගිය ව්‍යාපාරිකයාට දරුවන් නොමැති අතර ඔවුන් දෙදෙනා පමණක් නිවසෙහි සිට තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *