වැස්ස හෙටත්

කොළඹ ,ගාල්ල, කලුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානම් සහිත ප්‍රදේශ වලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 04 දක්වා තවදුරටත් බලපැවැත්වෙනවා.

මේ අතර ඉදිරි පැය 36 දීත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලීමීටර 75ක පමණ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, කලු, ගිං සහ නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් කිහිපයක ගංවතුර අවදානම තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *