විජයදාසට හා කීර්තිට එරෙහිව වාරණ නියෝගයක්

නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් කීර්ති උඩවත්තට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සදුන් විතාන අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරය අත්හිටවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකරුවෙකු ලෙස නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත කරුණු වාර්තා කළා.

ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයට අනුව කටයුතු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *