විදුලි බිල අඩු කිරීම ජුලි මාසයේ

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම ආරම්භ කිරීමට නියමිත බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා බාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්
විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් ද කර තිබෙනවා.

අදාළ යෝජනා මැයි මාසයේ 1 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කරන්නේ පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *