විදුලි සංදේශ පනතින් මාධ්‍ය නිදහස නැති වෙනවා

ජනතාවගේ අදහස් ප්‍රමාණවත් පරිදි නොවිමසා ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත ඉදිරිපත් කර ඇති බවත්, මේ කෙටුම්පතේ නිදහස් මාධ්‍යකට අහිතකර යෝජනා රැසක් ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොමිෂන් සභාව තීරණය කරන ආකාරයට වන්දි ගෙවා බලපත්‍ර ලබා ගැනීම බලපත්‍ර අහෝසි කිරීම වැනි දෑ ඇතුළත් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

නිදහස් රටක නිදහස් මාධ්‍ය පැවතිය යුතු නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක මෙම පනතේ අහිතකර වගන්ති සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

මහජන යහපත පෙරදැරිව බලපත්‍ර ලබා දීම හෝ අහෝසි කිරීමෙන් රජය ඉවත් නොවන්⁣නේ නම් මෙය අධිකරණය හමුවේ අභියේගයට ලක් කරන බවත්, TRC එකට මහජන යහපත කුමක්ද කියා තිරණය කිරීමට ඉඩ දුන්නොත් මාධ්‍ය නිදහස නැති වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *