විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර විනිවිදභාවයෙන් වගකීමෙන් හා වගවීමෙන් මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතයන් සමඟ පැවැති හමුවකදී.

විපක්ෂනායකවරයා කියා සිටියේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රශ්න මෙන්ම දූෂිත ක්‍රියාවලට යොමුවීම නිසා මේ පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම නිසා දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ හොද පැතිකඩ ආරක්ෂා කර පවතින දුර්වලතා මගහරවා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කල යුතු බවය.

විදේශ ගත වන, ගෘහ සේවයේ නියැලෙන අය වෙනුවෙන් ලැබෙන දීමනාව සේවා ගාස්තුවෙන් 5%ක් සෙස් බද්දක් ලෙස අය වන බවත් එය භාවිත කරන්නේ ශ්‍රමිකයන්ගේ සහ විදේශ ගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වුවත් මෙම සෙස් එක ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන භාවිත කරන බවත් ලංකාව ජය ග්‍රහණය කරන්න නොව ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිය ‘ජයගමු’ කරන්න යොදා ගන්නා බවත් මෙසේ සිදුව ඇති දූෂණ වංචා හොරකම ගැන සොයා බලනා බවත් විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කළා.

සෙස් මගින් එකතුවන මහා ධනස්කන්ධය තනි පුද්ගලයකු හෝ ඇමතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන දෙයක් නොවී විවිධ පාර්ශ්වකරුවන් හා කණ්ඩායම් හි පොදු යෝජනා අනුව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එසේ නොවුවහොත් එම මුදල් අද වගේ පුද්ගලික දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්නා බවත් ජනතාවගේ අරමුදල් අවභාවිත කිරීමක් බව ඔහු කියා සිටියා.

එසේම ඊශ්‍රයාල් වැනි රටවලට රැකියා කෝටා ලබා දීමේ දී යහපත් ක්‍රමවේදයක් සිදු නොවන බවත් දූෂිත ක්‍රියා සිදුවන බව වාර්තා වන නිසා ඒ ගැනත් සොයා බලන බවත් පෞද්ගලික පළිගැනීම්වලින් තොරව නිවැරදි සත්‍ය අනාවරණය කර යහපත් පිරිසුදු වගකියන වගවෙන ක්‍රමවේදයක් සකස් කරන බවත් මෙහි දී අනිතික මිනිස් ජාවාරම පවා නැති කරන බව විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.

එමෙන්ම රැකියා සදහා යවන දින 28ක කාලය තුළ රු. 120000ක් අතයටින් දී පුහුණු සහතිකය ලබා ගැනීමේ අලුත්ම ක්‍රමයේ වෙනසක් රටේ ක්‍රියාත්මක බවත් අද වන විට මෙම ක්ෂේත්‍රය හොර කප්පිත්තන්ගේ හොර ගුහාවක් බවට පත්ව ඇති බවත් මේ හොර මගඩිය අනිවාර්යෙන් නතර කරන බවත් සුපිරිසුදු පුද්ගලයකු මේ ක්ෂේත්‍රය භාර ඇමතිවරයා ලෙස පත් කරන බව විපක්ෂනායකවරයා කියා සිටියා.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රශ්න මෙන්ම දූෂිත ක්‍රියාවලට යොමුවීම නිසා මේ පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම නිසා දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ හොද පැතිකඩ ආරක්ෂා කර පවතින දුර්වලතා මගහරවා ගෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර විනිවිදභාවයෙන් වගකීමෙන් හා වගවීමෙන් මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන බව ඔහු කියා සිටියා.

මේ ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් රැසක් ඇති බවත් ගුවන් ගමන් බලපත්‍ර සෑදීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවත් එක දවසින් දුන් පාස්පෝට් එකට දැන් මාස ගාණක් ගත වන බවත් මාර්ගගත ක්‍රමවේදය මෙයට හේතුව වී ඇති බවත් මාර්ගගත ක්‍රමවේදය කාර්යක්ෂම වුවත් ප්‍රමාණවත් පාස්පෝට් තොග නොමැති වීම ගැටලුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *