විපක්ෂ නායකවරයාගෙන් ඇමති ටිරාන්ට ප්‍රශ්න වැලක්

වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය එක්ස් ගිණුම ඔස්සේ ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගන්නා අවස්ථාවේ මොබිටෙල් ආයතනය එක් සංචාරක පැමිණීමකට අමෙරිකානු ඩොලර් 1 ක් අය කළ හැකි බව දැනුම් දී තිබියදී, අමෙරිකානු ඩොලර් 25.77 ඉදිරිපත් කළ, වී එෆ් එස් ග්ලෝබල් ආයතනය තෝරාගත්තේ කුමන පදනමකින් ද යන්න විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.

වී එෆ් එස් ග්ලෝබල් ආයතනය වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවලින් විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතට අමතරව තවත් ලියකියවිලි ඉල්ලා සිටිය ද ශ්‍රී ලංකාවේදී විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් පමණක් ඉල්ලා සිටීම සාධාරණීකරණය කළ හැකිදැයි විපක්ෂ නායකවරයා යොමු කරන අනෙක් ප්‍රශ්නයයි.

එමෙන්ම මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී අධික වීසා ගාස්තු හේතුවෙන් සංචාරක පැමිණීම්වලට බලපෑමක් වේයැයි සංචාරක අමාත්‍යවරයා ලිඛිත නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ දැයි විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.

මීට අමතරව වඩාත් ජනප්‍රිය දින 30 වීසා කාණ්ඩය ඉවත් කිරීමට සංචාරක අමත්‍යවරයා විරුද්ධ වුණේද යන්න විපක්ෂ නායකවරයා යොමු කරන තවත් ප්‍රශ්නයක්.

වී එෆ් එස් ග්ලෝබල් ආයතනයේ නිලධාරීන් සමග තමන් කිසිදු අවස්ථාවක සාකච්ඡා කිරීමට මැදිහත් නොවූ බවට සංචාරක අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳවත් විපක්ෂ නායකවරයා එමගින් ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට වී එෆ් එස් ග්ලෝබල් ආයතනය මැදිහත් කරගන්නේ ඇයි සහ ඔවුන්ගේ ක්‍රියාවලිය සහ පිරිවැය පිළිබඳව ගණනය කළේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා යොමු කරන අවසන් ප්‍රශ්නයයි.

මේ අතර වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මගින් බැදුම්කර වංචාවටත් වඩා බරපතල මුදල් වංචාවක් සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.

ඒ සක්වල වැඩසටහනේ 117වන අදියර යටතේ බියගම – බොල්ලෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *