වී අලෙවියෙන් කෝටි දෙදාහක පොල්ලක්

වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මහා භාණ්ඩාගාරය වී අලෙවි මණ්ඩලයට මෙම මුදල් කලින් කල ලබාදී ඇත්තේ මේ මිලදී ගැනීම සඳහා යැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වී මිලදී ගැනීම සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

අවුරුදු දොළහක කාලයේදී මහා භාණ්ඩාගාරය දීප මුදල් මෙතන තියෙනවා. මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ කාලයේදී නොවෙයි. මෙතන මහා භාණ්ඩාගාරය කෙලින්ම ලබා දීපු මුදල් වගේම ලංකා බැංකුව මහජන බැංකුව ඇපකර බවට පත්කර ලබා දීපු මුදල් තියෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *