වෘත්තිය හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයා ගෙන් ඉල්ලන දේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කාල සීමාවේදී මෙරට තුළට තත්ත්වයෙන් බාල ඖෂධ රැගෙන නො ආ බවට ජනමාධ්‍ය වූ ඔස්සේ අදහස් දක්වන ලද වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා ඇතුළු දැනට අමාත්‍යාංශය තුළ සේවය කරන දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා වහා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

තත්ත්වයෙන් බාල ඖෂධ නිසා ආබාධ තත්ත්වයට පත් වූ රෝගීන්ට මේ දක්වා වන්දි මුදල් ලබා නොදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රශ්න සහගත ගනුදෙනුවට සම්බන්ධ නිලධාරී තවදුරටත් සේවය කිරීමටත් විරුද්ධව වෘත්තිය සමිති ඒකාබද්ධ සංවිධාන මධ්‍යස්ථානය පවත්වන ලද විරෝධතාවකදී මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා දේශපාලකයින් විශාල මුදලක් පරිපූර්ණක ඇස්තමේන්තු ලෙස විශාල මුදලක් වෙන්කර ගනිද්දී ආබාධිත පුද්ගලයන්ට මේ දක්වා සහන ලබා නොදීම ගැන දේශපාලකයින් ලැජ්ජාවට පත්විය යුතු බවයි.
තත්ත්වයෙක් බාලා ඖෂධ නොමැති බවට ප්‍රකාශ කළ වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද බාල ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබා දෙන ලද එහි නියාමනාධිකාරි හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයට ද නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තවදුරටත් සේවය රැඳී සිටීම සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීමට බරපතළ බාධාවක් බවයි. ඔහු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු වූ ප්‍රශ්න සහගත ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කොට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ක්‍රියාපාරය සම කැඳවුම්කරු රවි කුමදේශ මහතා සඳහන් කළේ තත්වෙන් බාල ඖෂධ නිසා පීඩාවට පත්වන ජනතාව එම ඖෂධ බාහිරින් මිලදී ගැනීමට යාමේදී අතිවිශාල මුදල් වැය කිරීමකට ලක්වන බැවින් මේ සියලු තත්ත්වයන් කෙරෙහි අමාත්‍යාංශයට ඇති වගකීමෙන් මිදිය නොහැකි බවයි.

ඉදිරි කාලය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනාධිපතිවරයා යටතට පවරාගෙන හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම වැදගත් බව මෙහිදී අදහස් දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *