වෙඩික්කරු අත්අඩංගුවට – මැදමුලනෙ අයෙකුටත් වැඩ වරදී

ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, 25 හැවිරිදි ඔහු රැකියාව ලෙස ඇලුමිනියම් වැඩ කරන අයෙකු බවයි පැවසෙන්නේ.

මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.

What's your reaction?

Related Posts

1 of 124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *