වෙඩි තැබීමට අනුබල දුන් 2ක් කොටුවෙයි

වෙඩි තැබීමේ සිදුවීමකට අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා ඝාතනයට ආධාර අනුබල දුන් බවට වන චෝදනාව මත අවිස්සාවේල්ල සහ ලුණුගම ප්‍රදේශවලදී
අත්අඩංගුවට ගත්තා.

ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්වල පූගොඩ සහ අවිස්සාවෙල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රදවා සිටින මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි සිටියදී මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *