වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන් සිද්ධියට 14ක් අත්අඩංගුවට

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන කූඨ ලෙස යොදාගෙන ව්‍යාජ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

2023.12.29 වැනිදා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගල්කිස්ස පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට මෙම පැමිණිල්ල යොමුකර තිබුණා.

මේ අතර දෙහිවල සෝල් බීච් ආයතනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බව තහවුරු වී තිබුණා.

ඒ අනූව එය කඩා ඉවත් කෙරුණද නැවත ඉදිකරන බව වාර්තා වීම නිසා එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *