වෙසක් Bike Fix දන්සල

වෙසක් සමයේදී ශ්‍රී ලංකාවේ “දන්සල” සුවිශේෂී සංස්කෘතික අංගයකි. මෙහි කැපීපෙනෙන ලක්ෂණය වන්නේ සාමූහිකව එක්වෙමින් ආහාරපාන සහ විවිධ සේවාවන් නොමිලේ කිසිදු භේදයකින් තොරව සැම දෙනා අතර බෙදා හදා ගැනීමයි…

සෞඛ්‍ය සම්පන්න, පරිසර හිතකාමී ජීවන රටාවක් ගොඩනගා ගැනීමට මිනිසුන් පොළඹවන ප්‍රථම වරට සංවිධානය කරන ලද “බයිසිකල් අලුත් වැඩියා කිරීමේ උපදේශන සැපයීමේ සුවිශේෂී දන්සලක් MTBROS, Life trackers, Cycling Cult and Ride for Life කණ්ඩායම් වල ඒකාබද්ධයෙන් තලවතුගොඩ පාර්ලිමේන්තු පාරේ ජාතික සඳුන් උයන රථ ගාල අසලදී අද දින උදෑසන සිදු කරනු ලැබුවා.

මෙහිදී,

  1. මුලික Bike Fit පරික්ෂාව
  2. ගියර් ටියුන් – අප් කිරීම
  3. රෝද වල පීඩනය පරීක්ෂා කර හුලං ගැසීම
  4. තිරිංග පරීක්ෂාව සහ නිසි පරිදි සැකසීම
  5. නිවැරදි ප්‍රමාණයට බෝල්ට් තද කිරීම.
  6. සිට් එකේ උස නිවැරදිව සකස් කර දීම .
  7. චේන් එක Oil කිරීම.
  8. චේන් එක සහ දැතිරෝද වල දුර්වලතා පිළිබඳව දැනුවත් කිරීම 9.පාපැදිකරුවනගේ සාමූහිකය වර්ධනය කිරීම
  9. Fitness Apps භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම (Strava)

වැනි සේවාවන් Cycling කරන අයවලුන් හට නොමිලේ ලබාදුන් අතර මේ සඳහා වෘත්තීය කාර්මික ශිල්පීන්, බයිසිකල් පැදීම සහ ශාරීරික යෝග්‍යතා පිලිබඳ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සහය මේ සඳහා ලබාගෙන තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *