වෙළඳ අමාත්‍යවරයා සහ ඊජිප්තු තානාපති අතර හමුවක්

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ (H.E Maged Mosleh) සමග ද්වීපාර්ශවීය සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා.

ඒ වෙළඳ අමාත්‍යාංශයේදීයි.

මෙම අවස්ථාව සදහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු හා වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සදහා වන ශ්‍රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින ආයෝජන හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබදවත් සාකච්ඡා කරන කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම හමුවේදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊජිප්තුවෙන් ලොකු ලූණු ආනයනය කිරීමේ අවස්ථාව සොයා බැලූ අතර තානාපතිවරයා එවැනි ආනයන සඳහා සහාය වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

තානාපති මොස්ලේ රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ අතර ඊජිප්තු රජය ඊජිප්තුවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා “විනීත ජීවිතය” නමින් වැඩසටහනක් හඳුන්වා දී ඇති බවද එහිදී සඳහන් කර සිටියා.

දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගන්නා ලෙසයි ඔහු යෝජනා කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *