ශ්‍රිලංකාවට ඓයිතිහාසික ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තුන් වන සහ අවසාන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.


පලමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමනයි.

දෙවෙනි ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ සියල්ලන් දැවී ලකුනු 156ක් පමණි..ඒ අනුව ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමනක් දැවී ලකුණු 219ක් ලබා ගෙන ජයග්‍රහනය ලබා ගත්තා,

දෙවෙනි ඉනිම සඳහා සුපි‍රි ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක ලකුණු 118 ලබා ගනිමින් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කලා .කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුනු 46 යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ හෙලුවා.

කෙසේ නමුත් තරග තුන්කින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *