ශ්‍රී පාද මළුවෙන් පැන්න තරුණයා ගැන හෙළිදරව්වක්

ශ්‍රී පාදස්ථාන උඩමලුවෙන් පහලට පැන අතුරුදන්ව සිටි තරුණයා නල්ලතන්නි මරියවතුයායේ රාජමලේ කොටසේ සිටියදි ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදි තිබෙනවා.

දින ගණනක් නිරාහාරව සිටිම නිසා විජලන තත්ත්වයේ සිටි එම තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

වන්දනාකරුවන් පිරිසක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 19 වැනිදා මෙලෙස ශ්‍රී පාදස්ථාන උඩමලුවෙන් පහළට පැන තිබුණා.

යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් ඔහු සොයා ගැනීමට හැකි වුයේ නැහැ.

පසුව එම තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ අතහැර දැමුවා.

මෙවන් පසුබිමකදී නිරුපද්‍රිතව හමු වූ ඔහු සඳහන් කර සිටියේ එදින ඔහු ශ්‍රී පාද මළුවෙන් පැන්නාද වැටුණා ද යන්න පිළිබඳව කිසිවක් ඔහුට මතක නැති බවයි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ තරුණයා,
” ඊට පස්සේ ගඟ දිගේ පල්ලෙහාට ආවා. ඊට පස්සේ අඳුරන දෙන්නෙක් හමුවුණා. එදා මලුවෙදි වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ.. දවස් හයක් විතර වතුර බිබී තමා හිටියේ.. ඊට පස්සේ ගඟ දිගේ පල්ලෙහාට ආවා.. කෑවේ නෑ මුකුත්ම.. කන්න මුකුත් තිබ්බේ නෑ.. වතුර බිබී හිටියා… රෑට ගල් ගුහාවල තමා නතර වෙලා හිටියේ..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *