ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම ත්‍රෛභාෂික යෙදුම (App)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ. ‘Fio ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදුකෙරිණි. මෙමගින් කාන්තාවන්ට ඔසප් වීම් සිදුවන දින පිළිබඳව දැනුවත් වීමට අමතරව ඔසප් සෞඛ්‍යය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඉගෙන ගැනීටමත්, ඔසප් සෞඛ්‍ය සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් විශ්වසනීය ලෙස පෞද්ගලිකව ලබා ගැනීමටත් උපකාරී වේ.

කාන්තාවන්ට ස්වාධීන වෙසින් සමාජයීය සීමාවන් අභිබවා යාමට අත්වැලක් වීමටෙත්, ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින සාම්ප්‍රදායික දුර්මත බිඳ හෙළීමටත් Fems සෑම විටම උත්සාහ කරයි. එමෙන්ම කාන්තාවන්ට තම් ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීමටත්, ඔවුන්ට නිසි සහයෝගය ලබා දීමටත් Fems කැප වී සිටී. Fio App හඳුන්වා දී ඇත්තේ එම මෙහෙවරෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් වශයෙනි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි Fio App සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

Fio App නිර්මාණය කරන ලද්දේ, කාන්තාවන් විසින් Fio WhatsApp chatbot හරහා යොමු කරන ලද ගැටලු සහ විමසීම් පදනම් කරගෙන ය. 2023 අගෝස්තු මාසයේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම WhatsApp chatbot මගින් දින 40 ක් වැනි කෙටි කාලයක් තුළ ස්වයංක්‍රීය පණිවිඩ 17,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය වූ අතර, එය දායක වූ වැට සංවාද ගණන 4,000 කට අධික ය. මෙම සංවාද මගින් හඳුනාගන්නා ලද වැදගත් කරුණක් වුයේ, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍ය දැනුම සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් පවතින බවයි. කාන්තාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා, දැනුම් මට්ටම සහ ආකල්ප ආදිය අනුව ඔසප් සෞඛ්‍යා සම්බන්ධ දැනුම විධිමත්ව ලබාදීම අත්‍යවශ්‍ය බව මෙමගින් පෙනී ගියේ ය.

35 Fio යෙදුම් (App) භාවිත කරන කාන්තාවන්ට, ඔසප් චක්‍රයට අදාළ මූලික තොරතුරු ඇතුළත් කිරීම මගින් නිවැරදිව මීළඟ ඔසප් දිනය දැනගැනීම මෙන්ම සිය සරු කාල සීමාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැනි සුවිශේෂී විශේෂාංග රැසක් හිමිවේ. වෛද්‍ය වෘත්තිකයන් හා එක්ව නිර්මාණය කරන ලද මෙම යෙදුම් (App) කාල සීමා කල්තියා දැනගැනීම, ඔසප් සෞඛ්‍යය සම්බන්ධ වැදගත් කරුණු මෙන්ම ඔසප් කාල සීමාවේදී ඇති වන වේදනාවන් වැනි ගැටලු පාලනය කර ගැනීම වැනි වෛද්‍ය මහපෙන්වීම් වලින් ද සමන්විතය.

මීට අමතරව, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි Ask a Doctor’ නම් විශේපාංගයක්. වෙනත් කාන්තාවන් සමඟ අත්දැකීම් බෙදා හදා ගැනීම සහ අවශ්‍ය අවස්ථා වලදී සහයෝගය ලබා ගැනීම සඳහා ක්‍රම වේදයක්, වැදගත් දින මතක් කිරීම සඳහා Reminder විශේෂාංගයක් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇණවුම් කිරීම සඳහා විද්‍යුත් අලෙවි සැලක් ඇතුළු තවත් විශේෂාංග රැසක්ද Fio App හි ඇතුළත්

” ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් සිදුවන්නේ නැහැ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සමාජයීය බාධා රැසක් පවතිනවා. අප Fio App හඳුන්වා දුන්නේ මේ ගැටලු වලට පිළියමක් වශයෙනුයි. මෙමගින් කාන්තාවන්ට තම ඔසප් සෞඛ්‍යය කළමනා කරණය කරගැනීමට අවශ්‍ය දැනුම හා පහසුකම් ලබාදීම තුළින් ගතානුගතික ආකල්ප පිටුදකිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව තම සෞඛ්‍යය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා.” Hemas Holdings PLC හි සමූහ ආයතනික සම්බන්ධතා ප්‍රධානි, ජානකී කරුණාරත්න මහත්මිය පැවසුවාය

What's your reaction?

Related Posts

1 of 323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *