ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසයට නවතම අත්දැකීමක් එක් කරමින් ලබන විසි හයවෙනිදා දකුණු ආසියානු සටන් සූරතාවයක් කොළඹ දී පැවැත්වෙනවා..

ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසයට නවතම අත්දැකීමක් එක් කරමින් ලබන විසි හයවෙනිදා දකුණු ආසියානු සටන් සූරතාවයක් කොළඹ දී පැවැත්වෙනවා..

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ කර්ම සටන් ලීගය මාධ්‍ය හමුවක් පවත්වමින් එළඹෙන තරගාවලිය පිළිබඳ දැනුවත් කලා..

එළඹෙන 26 වැනිදා රාජගිරිය තැප්‍රොබේන් ශාලාවේදී පැවැත්වෙන මෙම ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව ,ඉන්දියාව, පකිස්ථානය,සහ නෙදර්ලන්තය, ආදී රටවල් සහභාගි වීමට නියමිතයි.

පෙර අත් නොවිඳි ජාත්‍යන්තරව ප්‍රමිතියේ සටන් කලාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාවේ KFL හෙවත් කර්ම ෆයිට් ලීගය මෙම තරගාවලියට සහභාගි වන බවයි මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ..

බොක්සින් නොවන මෙම සටන් කලාවේ ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වී තිබීම ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයින්ට එළඹෙන තරගාවලිය නව අත්දැකීම් රැසක් විඳගන්නට හැකි බවයි මෙහිදී සඳහන් කළේ.

විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මෙම ශූරතාවය පැවැත්වීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුවේදී 26 වැනි දා පැවැත්වෙන ශූරතාවය හඳුන්වා දී තිබුණා.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *