ශ්‍රී ලංකාව ලෝක සංචාරක දිනය සමරයි..

ලෝක සංචාරක දිනය සැප්තැම්බර් 27 වැනිදාට යෙදී තිබෙනවා..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මග පෙන්වීම යටතේ ඕනෑම රටකට සංචාරක දිනය සැමරීමට එම රටට සුදුසු දිනයක් නම් කර ගන්නා ලෙස විතර ඇති දැනුම් දීම මත ශ්‍රී ලංකාවේ සංචාරක දිනය සැමරීම ඔක්තෝබර් මස 21 වැනි දාට යෙදී තිබෙනවා..

ශ්‍රී ලංකාවේදී ලෝක සංචාරක දිනය සැමරීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්වුණා…

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියයි මෙම ලෝක සංචාරක දින සැමරුම පවත්වනු ලැබුවේ..

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක සංචාරකයින් වෙත ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබුණා.

සංචාරයත් සාමයත් යන තේමාවන් යටතේ සංචාරක දින සැමරුම් පැවැත්වෙනවා..

ශ්‍රී ලංකාවේ සහ ලෝක සංචාරක කර්මාන්තය පිළිබඳ එහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ආචාර්ය විපුල වනිගසේකර මහතා විසින්…

සංචාරක අමාත්‍යංශයේ සහකාර ලේකම් S.L නසීර් මහතා..
ශ්‍රී ලංකා සංචාරක වර්ධන අධිකාරී සහකාර අධ්‍යක්ෂ උපාලි රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..

What's your reaction?

Related Posts

1 of 122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *