ශ්‍රී ලංකා කණ්ඩායමේ දරුණු පරාජයට හේතුව වනිඳුගේ තීරණයද?

පළමු වරට ජාත්‍යන්තර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු ගත් තීරණය බොහෝ දෙනකුගේ මවිතයට පත් වී තිබෙනවා.

ක්‍රිකට් විස්තර විචාරකයන් සඳහන් ක‍රන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වැරැදි තීන්දුවක් ගත් බවයි.

එම තරගයේ දී මුලින්ම පන්දු යැවීම සඳහා වනිඳුට හොඳම අවස්ථාව තිබියදී ඔහු පන්දුවට පහර දීමට තීරණය කළේ කාගේ වුවමනාවට ද යන්න ප්‍රශ්නයක් මතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ක්‍රිකට් විසතර විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පන්දු යැවීම සඳහා අවස්ථාව තිබියදී එය සිද්ධ නොකිරීම නිසා මෙම පරාජය සිදුවුණු බවයි.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *